SEDS එහෙමත් නැත්නම් Student for the Exploration and development of Space අභ්‍යවකාශ ක්ෂේත්රයේ ගවේෂණයන් සහ දියුණුව උදෙසා 1980 වර්ෂයේ දී ඇමරිකාවේ MIT, Princeton, සහ Yale යන විශ්වවිද්‍යාල යන්හී ඉගෙනුම ලැබූ පීටර් ඩියමන්ඩීස්, ස්කොට් ෂාර්ෆ්මන් සහ රිචඩ් සෝකින් යන උපාධි අපේක්ෂකයින්ගෙන් සහ තවත් විශ්ව විද්‍යාල රැසක ශිෂ්‍යයින්ගේ එකමුතුවෙන් ලාභ නොලබන සංවිධානයක් ලෙස ඇරඹි මෙය අද වන විට ඇමරිකාව, බ්‍රිතාන්‍ය, කැනඩාව, ඉන්දියාව, නේපාලය, ශ්‍රී ලංකාව ඇතුලු ලොව රටවල් විශාල සංඛ්‍යාවක අභ්‍යවකාශ ක්ෂේත්රයට ඇල්මක් දක්වන සමාජිකයින්ගෙන් සමන්විත සංවිධානයකි. මෙම සංවිධානය සහ එයට අනුබද්ධව ලොව පුරා රටවල විහිදී ඇති සංවිධාන මගින් මේ වන විටත් විශාල වශයෙන් අභ්‍යවකාශ ක්ෂේත්රය හා සැබැඳි සක්‍රීය මට්ටමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබයි.
SEDS Sri Lanka හි ආරම්භය
2018 සැප්තැම්බර් 1 වන දා කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිදාරියෙකු වූ අමිල සඳුන් බස්නායක මහතාගේ මූලිකත්වයෙන් ඇරඹි SEDS Sri Lanka සංවිධානය මේ වන විට රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ විශ්ව විද්‍යාල දක්වා පැතිරී යන එමෙන්ම විශාල ප්‍රමාණයක් ශිෂ්‍යයින් සමාජිකත්වය දරණ සංවිධානයක් බවට පත්වී තිබෙනවා.
SEDS Sri Lanka හි සමාජිකත්වය ලබාගත් විශ්ව විද්‍යාල |
SEDS Sri Lanka Executive Board |
එමෙන්ම එහි සාමාජිකයින්ට තාරකා විද්‍යා ක්ෂේත්රයේත් තමන් වඩාත්ම කැමති අංශයට සම්බන්ධ වී හැකියාවන් වර්ධනය කරගැනීමට පහසු වන ආකාරයට විවිධ අංශ වලටද මෙම සංවිධානය බෙදා තිබීම මෙම සංවිධානයේ ඇති සුවිශේෂීම ලක්ෂණයයි.
ක්‍රියාත්මක කරන ව්‍යාපෘති හා ඒවාගේ ප්‍රගතීන්
2018 SEDS Sri Lanka සංවිධානය ආරම්භවීමත් සමග ජාත්‍යන්තර වශයෙනුත් දේශීය වශයෙනුත් ව්‍යාපෘති විශාල සංඛ්‍යාවකට මුල පිරීමට මෙම සංවිධානයට හැකි වනවා එම ව්‍යාපෘති තනි තනි වශයෙන් සමාජිකත්වය දරණ විශ්ව විද්‍යාල ලෙසද සියලුම සාමාජික විශ්ව විද්‍යාල එකතුවෙන්ද, විවිධ අංශ යටතේ ක්‍රියාත්මක වන අතර එම ව්‍යාපෘති බොහොමයක් ජාත්‍යන්තර ලෙස ඇගයීමට පාත්‍ර වෙමින් ලංකාවට විශාල කීර්තියක් අත් කර දීමට සමත්ව තිබෙනවා. ඉන් අතිශය කැපීපෙනෙන ව්‍යාපෘති කිහිපයක් පහත පරිදි වේ.1. 2019 වසරේ ඉන්දියාවේ වෙල්ලෝර් හි VIT විශ්ව විද්‍යාලයේ පැවති ASTRA'19 Satellite Hackathon තරගයෙන් කණ්ඩායම් 50 කට අධික සංඛ්‍යාවක් පරදා අවසන් කණ්ඩායම් 10 අතරට පැමිණීමට සමත් වීම.
2. 2019 වසරේ පෝලන්තයේ පැවත් වූ MARS ROVER CHALLENGE තරඟයට සෑදූ තැප්‍රොබේන් රෝවර යානය.
3. දේශීය වශයෙන් ක්‍රියාත්මක වන පාසල් සිසුන්ට අභ්‍යවකාශ ක්ෂේත්රයේ දැනුම ලබා දීමට ක්‍රියාත්මක කරන වැඩමුළු මාලාව
4. සෑම මසකම YouTube සමාජ මාධ්‍ය හරහා සජීවීව ක්‍රියාත්මක වන Space Talk වැඩසටහන
SEDS Sri Lanka සංවිධානය මේ වන විට ලංකාවේ ක්‍රියාත්මක වන තාරකා විද්‍යාව හා ඒ සම්බන්ධ ක්ෂේත්රයන්ගේ දියුණුව උදෙසා කටයුතු කරන විශිෂ්ඨ ගණයේ සංවිධානයක් ලෙස නිසැකවම හැදින්වීමට අපට පුලුවන් වනවා.
ඔබට තව දුරටත් SEDS Sri Lanka සංවිධානය ගැන දැනගැනීමට හා තාරකා විද්‍යා ක්ෂේත්රයට ඇල්මක් ඇත්නම් ඔවුන්ගේ සමාජ මාධ්‍ය පිටුවලට හෝ ඔවුන්ගේ බ්ලෝග් අඩවියට ගොස් තොරතුරු ලබා ගත හැක.
Facebook- https://www.facebook.com/SedsSriLanka
YouTube - https://www.youtube.com/SEDS Sri Lanka
Blogger - https://sedssrilanka.blogspot.com
සටහන - MPS
Comments
Post a Comment