මානව අයිතිවාසිකමක් වූ පරිසරය නීතිය


පරිසරය අද සමස්ත ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද ප්‍රධාන මාතෘකාවක් ලෙස කරළිය පැමිණ ඇත. එහි ප්‍රධාන ලෙස කථිකාවකට බඳුන්ව තිබෙන්නේ අප ජීවත් වන පරිසරය අධික ලෙස දූෂණය වීමයි. මෙයට ප්‍රධාන ලෙස බලපා තිබෙන කරුණ වන්නේ මෑතකාලීනව  ලොව බොහෝ රටවල් අධික ලෙස කාර්මීකරණයට පත්වීමයි. මේ කාර්මීකරණය මූලික කරගත් මිනිස් ක්‍රියාකාරම් හේතුවෙන් මුල් කාලයේදී මානව අයිතිවාසිකම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ලෙස අවධානය යොමු කෙරූ හිංසනයට එරෙහිව ඇති අයිතිවාසිකම් ශක්තිමත් කිරීම සේම අද වන  විට මානව අයිතිවාසිකම් තුලට පරිසර අයිතිවාසිකම් ද අතුලත්ව එය ද  ඒ තරම්ම ශක්තිමත් වෙමින් පවතී.

පරිසරය යනු, 

අප අවට ඇති ගොඩබිම, පස, ජලය, වාතය, මෙන්ම ගස්, සතුන් යනාදිය සියල්ලම පරිසරය ලෙස හැදින්වේ. අද ලෝකයේ මිනිසාගේ පරිසරය ලෙස ඔහුගේ හෝ ඇයගේ ආර්ථික මානසික හෞතික සමාජීය යන සියලු අංශ සැලකේ. 

පරිසරය දූෂණය,

පරිසරයට දරාගත නොහැකි මට්ටමට එනම් සීමාව ඉක්මවා යන පරිදි පරිසරයට ශක්තිය මුදා හැරීම පරිසර දූෂණය ලෙස අපට නිර්වචනයක් ලබා දිය හැක. මෙය තව දුරටත් පැහැදිලි කලහොත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් පරිසරයේ සංඝටක වප කිසියම් කොටසක් හෞතික, තාප, රසායනික, ජෛව හෝ විකිරණශීලි ලක්ෂණ/ ගතිගුණ කිසියම් අහිතකර වෙනසකට කෙලින්ම හෝ අනියමින් බදුන් වෙයි නම් හා එසේ කිරීමෙන් එම පරිසරය අශ්‍රිතව ජීවත් වන මිනිසුන්ගේ සතුන්ගේ හා ශාඛ වල පැවැත්මට හා ආරක්ෂාවට යම් තර්ජනයක් ඇති වෙයි නම් එය පරිසර දූෂණය හා පරිසර විනාශය ලෙස දැක්විය හැක. 

පරිසර දූෂණය ප්‍රධාන ආකාර කිහිපයකට සිදුවිය හැක ඒවා නම්,

1. ගොඩබිම දූෂණය වීම.

    1.1. කැලිකසල අක්‍රමවත්ව බැහැර කිරීම.
    1.2. කලුතෙල් වැනි අපද්‍රව්‍ය පරිසරයට බැහැර කිරීම.

2. ජලය දූෂණය වීම.

    2.1. කැලිකසල අපද්‍රව්‍ය කෙලින්ම කලපුවලට මුහුදට ජලාශවලට මුදාහැරීම.
    2.2. තෙල් නැව් වලින් සහ නොයෙක් අනතුරැ මගින් යාත්‍රා වල තෙල් වර්ග මුහුදට/ජලාශ වලට මුදා හැරීම.
    2.3. විකිරණශීලි අපද්‍රව්‍ය කාර්මික අපද්‍රව්‍ය විෂ ද්‍රව්‍ය ජලාශවලට මුදා හැරීම.
    2.4. දිය යට කෙරෙන න්‍යශ්ඨික පිපිරීම මගින් ඇතිවන පරිසර ව්‍යසන.

3. වායුව දූෂණය වීම.

    3.1. කර්මාන්තශාලා මගින් වාතය දූෂණය වීම.
    3.2. රථ වාහන මගින් වාතය දූෂණය වීම.
    3.3. ලැව් ගිනි මගින් පිටවන දුමාරය මගින්.

4. ශබ්ද දූෂණය.

    4.1. නාගරීකරණය නිසා.
    4.2. කර්මාන්ත නිසා - දිවා රාත්‍රී දෙකෙහිම ක්‍රියාත්මක වන කර්මාන්ත.
    4.3. ප්‍රවාහන තදබදය - බස් රථ/ මෝටර් රථ වලින් සිදුවන ශබ්ද දූෂණය.
    4.4. ශබ්ද විකාශන යන්ත්‍ර නිසා.

*වර්තමානයේ ජනගහනය වැඩිවීමත් සමගම කර්මාන්ත ශාලා, වැඩිවන මෝටර් රථ වැනි බොහෝ හේතු කාරණා රාශියක් හේතුවෙන් පරිසරයට දරාගත නොහැකි ලෙස අධික ලෙස ශබ්දය එකතු වේ මේ ඒතුවෙන් ශබ්ද දූෂණය ඇති වෙයි. මෙහි අතුරුඵල ලෙස මෙවැනි සමාජයක ජීවත් වන මිනිසාගේ හෞතික මෙන්ම මානසික වශයෙන් විවිධාකාර බලපෑම් ඇති කරයි. උදාහරණ ලෙස ශ්‍රවනාබාධ, කෑම අරුචිය, හිසරදය, අස්ථායි බව, වැනි ලක්ෂණ ද මිනිසාගේ නින්දට ද බාධා ඇති තරයි.*

5. ආලෝක දූෂණය.

මෑත කාලීනව සුවිශාල නගර ආශ්‍රිතව පැනනැගුණු ගැටලුවක් ලෙස ආලෝකය දූෂණය වීම හැදින්විය හැක. පැරිස්, මෙක්සිකෝ, වොෂින්ටන්, බර්ලින්, ලන්ඩන් වැනි නගර වල රාත්‍රී මුලුල්ලේ දැල්වෙන අධි ආලෝකයෙන් යුතු පහන් නිසා ස්වාභාවික රාත්‍රී කාලය අහිමි වී යයි. මෙයින් එම පරිසරය ආශ්‍රිතව වාසය කරන සතුන්ගේ ජීවන රටාවට ද විශාල ලෙස බලපෑමක් ඇති කරන අතරම ඔවුන්ව වඳ වී යෑමේ අවධානමටත් පත් වී ඇත.

මෙම පරිසර අයිතිවාසිකම්  සම්බන්ධව ජාත්‍යන්කරව ස්ටොක් හෝම් ප්‍රකාශනය, රියෝ ප්‍රකාශනය වැනි සමුලු වල සාකච්ඡා කර ඇති අතර ලෝක පරිසරය ආරක්ෂා කිරීමට අදාල බොහෝ ක්ෂෙත්‍රයන් ඔස්සේ ප්‍රතිපාදන සකසා ඇත. 

සටහන : MPS



Comments