රත්නපුර එරත්න මාර්ගයෙන් සිරි පා කරුණා කලෙමු.
තෙවරක් හැටන් නල්ලතන්නි මාර්ගයෙන් සිරි පා කරුණා කල මා හට මෙවර රත්නපුර මාර්ගයකින් කරුණා කිරීමට සිත් වූ අතර එම අදහස විශ්ව මල්ලිටත්, සම්පත් මල්ලිට සහ අමිලනාත් අයියාටත් කියා සිටියේ ඔවුන් මා සමග තෙවන වර සිරි පා කරුණා කෙරූ නඩයේ සාමාජිකයින් නිසාවෙනි. ජනවාරී 2,3 යන දෙදින කරුණා කිරීමට දින යොදාගත් අතර ගමනට මෙවර නව සාමාජිකයෙක් ලෙස ආසිල් මල්ලිත් එකතු වීමත් සමග නඩය 5 කට සීමා විය. ජනවාරී 2 වන දා අප කුරුවිට බස් නැවතුම් පලෙන් පස්වරු 1ට එරත්නට යන බස්රථයට ගොඩ වූ අතර එම බස් රථය අපව එරත්නට රැගෙන ගියත් කරුණා කිරීමට ආරම්භ කරන ස්ථානය වන අඩවි කරන්ද වෙත යාමට තවත් බස් රථයක් එනතුරු බලා සිටීමට සිදු විය.(මම නිවැරදිනම් අඩවිකන්ද බස්රථය රත්නපුරටම ගියොත් අල්ලා ගත හැක.) අපි එරත්නේ දී අප ගෙනා ආහාර අනුභව කර අතර ඒ සඳහා අපට ඉඩපහසුකම් සැපයූ නැන්දා ද අමතක කිරීමට බැරිය. පස්වරු 3.00 වන විට අප එරත්නෙන් නැගි රත්නපුර අඩවිකන්ද බස්රථයෙන් අඩවිකන්ද වෙත පැමිණෙන ලදී. එහිදී අවශ්‍ය කලමණා ආදිය සකස් කොට ගත් අතර මට එහිදී දක්නට ලැබුනු සහ අසන්නට ලැබුනු කරුන නම් එරත්න මාර්ගයෙන් උඩ මලුවට කරුණැ කරන බොහෝ පිරිස් නැවතත් එරත්න මාර්ගයෙන් පහළට කරුණා නොකිරීමයි. ඒ මාර්ගයේ තිබෙන දුර ප්‍රමාණය සහ කාලය සමග වෙහෙස අධික වීම යැයි මම සිතමි. අඩවිකන්ද පිහිටි පොලිස් මුරපලින් පරීක්ශාවන්ට ලක් කොට පස්වරු 4.00ට පමණ 14Km පමණ වූ සිරි පා කරුණා කිරීමට තිබෙන දීර්ඝතම මාර්ගයෙන් සිරි පා කරුණා කලෙමු. කරුණා කිරීමට පටන් ගත් තැන සිට මාර්ගයේ සුන්දරත්නය ප්‍රකාශ කිරීමට මාගේ වචන මදි වෙන තරමටම එහි සුන්දරත්වය අතිමහත්ය ගමනේ විඩාව මග හැරවීමට එම පරිසරය සමත්ය.1.6km යන තැන හමුවන පලමු අම්බලම වන ජම්බු ගහ යට අම්බලමෙන් වෙහෙස නිවා ගත් අතර එහිදි මද වැස්සකටද අප හසුවිය. මීලගට හමුවන සුන්දර ස්ථානයක් මෙන්ම අවදානම් ස්ථානයක් වන්නේ වර්ණගල විදුලි බලාගාරයේ වැඩි ජලය ගලාගෙන ගොස් වර්ණගල ඇල්ලට නැවත වැටෙන ස්ථානයයි.
තවත් 1km යන තැන අපට ඩයිමන්ගල අම්බලමද ඉන් ඉදිරියට යන තැන වර්ණගල ප්‍රධාන නැවතුම (3km) හමුවන අතරම එහි පිහිටි විදුලි බලාගාරයද වර්ණගල ඇල්ලද ප්‍රෙද්ශයේ වටිනාකම සහ සුන්දරත්වය තව තවත් වැඩි කරයි.
වර්ණගල පොලිස් මුර පොලෙන් නැවතත් අපව පරීක්ශා කරන ලදී. වර්ණගලෙන් අපට හමුවූ ඇහැලියගොඩ පිරිවෙනක වැඩ වසන ස්වාමීන් වහන්සේලා දෙනම නිසා අපට ගමනේ විස්තර සවිස්තරව දැන ගැනීමටත් උන්වහන්සේලා අප සමග කරුණා කිරීම අපට ඉමහත් ශක්තියක් විය. මීලගට අප සීතගගුල වෙත (5km) යෑමට පටන් ගන්නා ලදී. ඒ අතර අපට කූඩැල්ලන්ගේ නොමද ප්රහාරයන්ට ලක්විය.(අමිලනාත් අයියා සහ මම 🤣🤣🤣 ) සීත ගගුලෙන් රාත්‍රී 7.30 සිට 8.30 තෙක් දිය කාවෝ වගේ අධික සීතල ජලයේ නෑ විශ්වත්, ආසිලුත්,සම්පත් සහ අමිල අයියාත් නැවතත් පඩුරු ගැට ගසා සිරිපා කරුණා කිරීමට පටන් ගන්නා විට 9.00 පමණ විය.මැදහින්න වෙත ඉන් එහාට යන ගමනේ වෙගය මදක් අඩු වූයේ කූඩැල්ලන් නිසාය.(මැදහින්න සීතගගුල අතර කඩයක් කරනා අයියා සහ අක්කා කෙනෙක් අපට දැක්වූ සහයෝගය මෙයින් අමතක නොකරම බැරිය🙏🙏🙏.( ඒ අතරම කූඩැල්ලෝ තැන තැන ගලවා ගිය අපට කලින් නඩයේ නංගිලාද අපට සෑහෙන්න මතක් විය. 🤣🤣)අනතුරුව මැදහින්නට(8km) පැමිණි අප පිලිවෙලින් දෙමල මල හින්න(9km) ගෙත්තම්පාන අම්බලම පසුකර ගල්වංගෙඩියට ලගාවන විට පාන්දර 4.00 වගේ විය. ගල්වංගෙඩිය ස්ථානය සුවිශේෂී වන්නේ කුරුවිට පාරත් රත්නපුර පාරත් එකිනෙකා හමුවන ස්ථානය එය වීමයි. අනතුරුව අපේ නඩය සිරිපාද උඩ මලුව කරුණා කරන විට පාන්දර 6 පමණ වී තිබුණි. 🙏😇😇😇 සිරිපාද පද්මය අප වැද පුදාගෙන නායක හාමුදුරුවන්ගේ දන්සලෙන් අපේ බඩගින්න නිවාගෙන🙏🙏🙏 පහලට කරුණා කිරීමට හැටන් මාර්ගය භාවිතා කරන ලදී.
(සැ.යු.- ඔබ සිරිපා කරුණා කිරීමට කුමන මාර්ගය තෝරාගත්තත් එම මාර්ගයේ අවට කැලිකසල දමන්න එපා. මක් නිසාද යත් එම අවට අති සංවේදී පරිසර කලාප පැවතීමත් එහි සුන්දරත්වය තවකෙකුට සේම මින් මතුවට ඔබටත් විදීමටත් නොහැකි වන නිසා ඒ වගේම එරත්න මාර්ගයේ වැසිකිලි මෙන්ම අම්බලම්ද ඉතාමත් පිරිසිදුව පවතී ඒවාද භාවිතාවෙන් පසු එලෙසම පිරිසිදු කොට පැමිණෙන්න.😇😇😇)
සටහන: මතීෂ සේනානායක
❤️💪
ReplyDelete