ඉමක් කොනක් සොයාගත නොහැකි මේ විශ්වය පිළිබඳ ඈත අතීතයේ සිටම මිනිසා විසින් විවිධ සොයාගැනීම්, මතවාද ඉදිරිපත් කරමින් අද වන විට තාක්ෂණයේ හිණි පෙත්තට ලඟා වෙමින් පවතින සමයක වුවද තවමත් සොයාගත නොගත් කරුණු අප්‍රමාණය. නමුත් මීට වසර 2600 කට ඉහත දී බුදුරජාණන් වහන්සේ විශ්වය පිළිබඳ දේශනා කළ කරුණු එදාටත් අදටත් එසේම අනාගතයටයත් සත්‍ය බව පසක් වී හමාරය. එසේ දේශනා කළ බොහොමයක් දෑ නවීන විද්‍යාව භාවිතයෙන් අදටත් සොයාගැනීමට අපොහොසත්ව ඇත.
බුුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර වලින් සූත්‍ර දේශනා 50 කටත් අධික සංඛ්‍යාවක ලෝක විෂය ගැන අලලා දේශනාවන් කර ඇත. ඉන් සූත්‍ර කිහිපයක් ලෙස අග්ගඥ සූත්‍රය, චූලනික සූත්‍රය, අචින්කන්ය සූත්‍රය, අන්ගුත්තර නිකායේ චතුත්තක නිපාතයේ තථාගත අචිච්චිරිය සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය හැදින්විය හැක. විශ්වයේ ආරම්භයේ සිට විශ්වයේ අවසානය දක්වාත් ග්‍රහලෝක, මන්දාකිණි, කලූ කුහර වැනි විශ්වයේ පුලූල් පරාසයක කරුණු කාරනා පිළිබදවත් ඉතා පැහැදිළිව උන්වහන්සේගේ සූත්‍ර දේශනාවල දේශනා කොට ඇත.
විශ්වයේ ආරම්භය පිළිබද වර්තමානය වන විට නූතන තාරකා විද්‍යාවේ විවිධ මත පළව තිබේ. ඉන් එක් මතයක් නම් අවුරුදු කෝටි 450 කට ඉහත දී පෘථිවිය බිහි වීමටත් පෙර විශ්වයේ මහා ධූලි වලාවක් තිබී කැටි ගැසීමෙන් සෞරග්‍රහ මණ්ඩලය බිහි වූ බව පෙන්වා දීමය. ඊට සමාන මතයක් බුදුරජාණන් වහන්සේ විසින් සෞරග්‍රහ මණ්ඩලයේ උපත පිළිබදව දේශනා කර ඇත. ඉන් කියැවෙන්නේ මහා මේඝ වර්ෂාවක් ඇති වී වා ධූලි පටල කැටි ගැසීමෙන් සෞරග්‍රහ මණ්ඩලය ඇති වූ බවත් හිරු, තරු හා පෘථිවිය නොපෙනී ධූලි වලාවකින් වැසී තිබුනු බවත්ය.
බුදුරජාණන් වහන්සේ පුද්ගලයෙකුට සොයා යෑම නිශ්ඵල යැයි දේශනා කෙරූ විශයන් අතර විශ්වය ද ඇත. විශ්වයේ කෙළවරක් නැහැ. එය අචින්තයි. ඒ නිසාම එහි අගක් මුලක් හෝ ආරම්භයක් අවසානයක් ගැන සෙවීම නොකළ යුතු දෙයකි. කළ යුත්තේ විශ්වයේ දැන් ඇති වන තත්වය පිළිබද සෙවීමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. විශ්වයේ කෙළවරක් සොයා ගිය මුගලන් මහ රහතන් වහන්සේ කෙළවරක් සොයාගත නොහැකිව අතරමං වී නැවත ගෙන්වා ගැනීමත්, අංගුත්තර නිකායේ රෝහිතතිස්ස සූත්‍රයේ කියවෙන පරිදි රෝහිත තිස්ස තවුසා ඊතලයක් විද තල්පතක් සිදුුරු කිරීමට ගත වන කාලයකින් තත්පර 02 කදී පමණ චක්‍රාවාටයක් පසු කිරීමට තරම් ඍධි බලයක් තිබූ අයෙකි. තමන්ගේ බලයෙන් විශ්වයේ කෙළවරක් සොයාගෙන ගිය තවුසානන් වසර 100ක් ගමන් කළ ද කෙළවරක් සොයා ගත නොහැකිව අපසු ඒමට කල් මදිව එහිම කාලා ක්‍රියා කල බව සූත්‍ර දේශනාවේ සදහන් වෙයි.
ලෝක ධාතු විඥාපන සූත්‍රයේ සදහන් වන චක්‍රාවාට ගැන බුදු රදුන් කරන දේශනාව මෙසේය,
සක්වල යනු සූර්යයාත් චන්ද්‍රයාත් ගමන් කරන ආලෝකය විහිදුවමින් ගමන් කරන ප්රදේශයයි.(මෙය ක්ෂීරපථයේ මධ්‍ය වටා සූර්යයාගේ ගමනයි. ඒ සදහා කල්පයක් ගත වන බව සදහන් වේ. එවැනි සක්වල හෙවත් චක්‍රාවාට දහසක් එකතු වී සහස්සී ලෝක ධාතුව සෑදේ. සහස්සී ලෝක ධාතු දහසක් එකතු වී ද්විසහස්සී මජ්ඤිමා ලෝක ධාතුව සෑදේ. ද්විසහස්සී මජ්ඤිමා ලෝක ධාතු දහසක් එකතු වී ත්‍රීසහස්සී ලෝක ධාතුවද එවැනි ධාතු දහසක් එකතු වී මහා සහස්සී ලෝක ධාතුවද සෑදෙන බව සදහන් වේ. ඒ අනුව පෙනී යන්නේ මෙලෙස විශ්වයේ චක්‍රාවාට දස දහස් ගණනක් පවතින බවය.
අංගුත්තර නිකායේ චතුත්ත නිපාතයේ තථාගත අච්ජිරිය සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ කලූ කුහර ගැන කරන දේශනාව මෙසේය,
හිරුගේත් සදුගේත් ආලෝකය නොලැබෙන අවකාශයේ ඇති නිත්‍ය විවෘත ප්‍රදේශයක් මෙන්ම අති ඝණ අන්ධකාර ප්‍රදේශයන් ඇති අතර ඒවා ලෝකාන්තික වන බවයි.
ලෝකය හෝ විශ්වය පවත්නා යුග 04 කට බුදුරජාණන් වහන්සේ අග්ගඥ්ඥ සූත්‍ර දේශනාවෙන් බෙදා වෙන් කොට ඇත.
01. සංවටට මාන කප්ප - ලෝකය හෝ විශ්වය විනාශ වීම හෝ සංකෝචනය පටන් ගන්නා යුගය.
02. සංවටට කප්ප - ලෝකය හෝ විශ්වය විනාශ වී ගොස් සම්පූර්ණයේ ඝණ අදුරේ පවත්නා කාලය.
03. විවටට මාන කප්ප - ලෝකය හෝ විශ්වය නැවත ආරම්භය පටන් ගන්නා යුගය.
04. විවටට කප්ප - ලෝකය හෝ විශ්වය නැවත විනාශ වන හෝ හැකිලෙන තෙක් පවතින කාලය. (දැනට පවතින්නේ ඒ කාලයයි.
මේ එක් එක් යුගයක් ස`දහා ගත වන කාලය කල්ප 20 ක් හෙවත් අසංඛ්යෙ කල්ප 01 කි. ඒ අනුව අසංඛ්යෙ කල්ප 04 ක් මහා කල්ප 01 ක් සහ අන්ත කල්ප එකක් අවුරුදු කෝටි 500 ක් පමණ වේ. තවද කාලය යුග, කල්ප, අන්ත කල්ප, අසංඛ්යෙ කල්ප, මහා කල්ප, සහ භද්‍ර කල්ප ආදී වශයෙන් හැදින්විය හැක.
තවද මේ දැනට පවතින තත්වය විද්‍යාඥයින් ඉදිරිපත් කළ මත අතුරින් ප්‍රධානම මතයන් වන ස්පන්ධන වාදය සහ නව ස්ථාවර තත්ව වාදය හා සැසදේ.
අවසාන වශයෙන් මෙම ලිපියේ සදහන් නොකළ විශ්වය පිළිබද කරුණු බොහොමයක් බුද්ධ දේශනාවේ ඇත. එමෙන්ම මෙම කරුණු අතර තාරකා විද්‍යාවේ තවදුරටත් ගවේශණය නොකළ කරුණු තව කෙතෙක් ඇත් ද?
සටහන - MPS
Comments
Post a Comment