නිතර දෙවේලේ
නෙවෙයි ඉඳලා හිටලා facebook ආවත් අනිවාර්යයෙන්ම
දැකලා තියෙන කෙනෙක් ගැන තමයි මේ කියන්න යන්නේ. මෑත කාලීනව ගොඩක් ජනප්‍රිය වෙච්ච fb memes වල, ගොඩක් කට්ටියගෙ කමෙන්ට්
වල, පෝස්ට් වල අදාල චරිතයට පණ පොවන මේ මනුස්සයාගෙ රූපය දැකපු නැති facebook පරිශීලකයෙක් නම් දැන්
හොයාගන්නත් අමාරුයි.
ඒ තරමටම ජනප්‍රිය
මෙයාගේ නම තමයි ඔසිතා ඉහිමී (Osita
Iheme). පෙනුමෙන් පොඩි
ළමයෙකුගෙ ස්වරූපයක් තිබුනත්, පණ පොවාපු චරිතවල පොඩි ළමයෙකුගෙ වැඩ කරනවා පේන්න තිබුනත්
මෙයා දැන් පොඩි ළමයෙක් නම් නෙවෙයි. මේ ඔසිතා උපදින්නේ 1982 පෙබරවාරි 20. ඒ කියන්නේ මෙයාට දැන්
වයස අවුරුදු 38 වැඩියි. නයිජීරියානු ජාතිකයෙක් වෙන මෙයා දැන් ජීවත් වෙනවා කියන්නේ
නයිජීරියාවේ ඉමෝ ප්‍රාන්තයේ ම්බයිටෝලි (Mbaitoli) ප්‍රදේශයේ.
හැදිලා වැඩිලා තියෙන්නේ නයිජීරියාවේම අබියා ප්‍රාන්තයේ ඒ දරුවන් පස් දෙනෙකුගෙන් යුත්
පවුලක සාමාජිකයෙක් විදිහට. ඒ වගේම මේ අමුතු පුද්ගලයා නයිජීරියාවේ ලාගෝස් විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාව පිළිබඳව විද්‍යාවේදී උපාධියකටත් උරුමකම් කියනවා.
මේ ඔසිතා ඔහුගේ රංගන දිවිය ආරම්භ කරලා තියෙන්නේ 2001 අවුරුද්දේ. මුල් කාලයේම ඉඳලම ලැබිලා තියෙන්නේ ළමා චරිත. පොඩි ළමයෙකුගෙ පෙනුම ගොඩක් දුරට ඒකට ඉවහල් වෙන්න ඇති. මේ නයිජීරියානු වචන උච්චාරණය කරන හැටි සිංහල භාෂාවෙන් අකුරෙන් ලියන එක ටිකක් අමාරුයි. කොහොමහරි 2003 දී ඔහු තවත් ජනප්‍රිය memes නිර්මාණ වලට පාදක වෙන චරිතයක් වෙන චිනීදු ඉකඩිසේ (Chinedu Ikedieze) එක්ක අකිනා-උක්වා (Aki na Ukwa) කියන විකට චිත්‍රපටයේ පොව්පොව් (PawPaw) චරිතයට පණ පොවනවා. චිත්‍රපටයට අනූව මේ පොව්පොව් කියන්නේ දඟකාර පොඩි ළමයෙක්. අපේ අය විතරක් නෙවේ ගොඩක් අය තමන්ගේ fb memes නිර්මාණය කරන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ පොව්පොව් ගෙ චරිතය තමා. ඒ නිසා මේ සුපිරි නළුවාට ලෝකය පුරාම පැතිරුනු රසික ප්‍රජාවක් ලැබිලා තියෙනවා.
මුල් කාලයේ ඔසිතාට හම්බවෙලා තියෙන්නේ පොඩි ළමයින්ගේ චරිතම තමා. නමුත් පසු කාලීනව තරමක් පරිණත චරිත කරන්න ලැබිලා තියෙනවා. ඒ මට්ටමට ඔහු තමන්ගේ හැකියාව වර්ධනය කරගෙන තියෙනවා. සමහරු කියන විදිහට මෙයා කුරු මිනිසෙක්. කුරු මිනිසුන් අපිට ලෝකය පුරාම සෑම ජාතිකත්වයක් වෙතින්ම හමුවෙනවා. කලින් සඳහන් කරපු ඔහුගේ රංගන සගයා වෙච්ච චිනීදු ඉකඩිසේ වගේම මේ ඔසිතා ඉහීමිට තියෙන්නෙත් බොහොම පුංචි පෞර්ෂයක්. ඒ වෙනස්කම නිසාම නයිජීරියානු නොලිවුඩ් සිනමාවේ අනික් නළුවන් අතර බොහොම සුවිශේෂී තැනක් ඔහුට ලැබෙනවා. ඒ වගේම අතිශයින්ම ජනප්‍රිය මුහුණු අතරින් එකක්. කොහොමින් කොහොම හරි මේ සුපිරි විකටයා රඟපෑ චිත්‍රපට ගණන 100 අධික බවයි කියවෙන්නේ.
රඟපෑමට අමතරව ඔහු වර්තමානයේ ජාත්‍යන්තර රොටරි සමාජයේ දිස්ත්‍රික් 6110 හි තානාපතිවරයා වශයෙන්ද කටයුතු කරනවා. එමෙන්ම නයිජීරියානු හා අප්‍රිකානු තරුණයන්ගේ මානසික උද්දීපනය
, උත්තේජනය හා පෙළඹවීම වෙනුවෙන් ක්‍රියාත්මක වෙන ආයතනයක් වෙන Inspired Movement Africa හි නිර්මාපකයා ද වෙනවා. ඒ වගේම “INSPIRED 101” නම් පොතේ කතෲවරයා වෙන්නෙත් මේ ඔසිතා
ඉහිමී ම තමා.
2007 වසරේදී ඔහු අප්‍රිකානු ඇකඩමි සිනමා සම්මාන උළෙලේදී “Lifetime Achievement” සම්මානයෙන් පිදුම් ලබනවා. එමෙන්ම නයිජීරියානු සිනමා කර්මාන්තය වෙනුවෙන්
කළ අමිල මෙහෙවර වෙනුවෙන් නයිජීරියානු ජනපති ගුඩ්ලක් ජොනතන් (Goodluck Jonathan) වෙතින් නයිජීරියාවේ පාලන තන්ත්රයට සම්බන්ධ ඉහලම ආයතනය වන “Order of the Federal Republic” හි ගෞරවනීය සාමාජිකත්වයට පත්කෙරෙනවා. ඒ නිසාම ඔසිතා ඉහීමි නම අගට “MFR” යන යෙදුම එකතු වෙනවා.
වර්තමානයේ නළුවෙක් වගේම නිෂ්පාදකවරයෙක් විදිහටත් කටයුතු කරන මේ සුපිරි විකටයා මේ වෙනකොට නොලිවුඩ් සිනමාවට විතරක් නෙවෙයි මුහුණුපොතේ සාමාජිකයන්ටත් නැතිවම බැරි චරිතයක් බවට පත්වෙලා හමාරයි.
ඩෑල් එකක් තමයි ඉතින්
ReplyDelete